Tuesday, July 19, 2011

ශ්‍රී ලංකා "ඒ" පිලේ එංගලන්ත සංචාරය.

ශ්‍රී ලංකා "ඒ" පිලේ එංගලන්ත සංචාරය අද(ජුලි 20) ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමගින් ලෙස්ටෂයර්හිදී පවත්වන සිව් දින තරඟයත් සමගින් ආරම්භ වේ. ලබන අගෝස්තු මස 16 වනදා දක්වා පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා සිව්දින තරඟ 3ක් සහ එක්දින තරඟ 5ක් අන්තර්ගත වේ.

මෙහිදී ශ්‍රී ලංකා කන්ඩායම පිතිකරුවෙකු මෙන්ම කඩුළු රකින්නකුද වන කෞෂාල් සිල්වා විසින් මෙහෙයවන අතර උප නායකත්වය පසුගිය එංගලන්ත සංචාරයේදී ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත් දිමුත් කරුණාරත්න හට පිරිනමා ඇත.

මෙම තරඟාවලිය සඳහා දිනේෂ් චන්දිමාල් සහ ධම්මික ප්‍රසාද් එක්කර තිබුනද පසුගිය එංගලන්ත සංචාරයේදී දැක් වූ දස්කම් හේතුවෙන් ඔවුන් දෙදෙනා ලබන අගෝස්තු මස 6 වන දින ආරම්භ වන ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා නම් කර ඇත. ඒ වෙනුවට කුසල් ජනත් සහ කනිෂ්ක ඇල්විටිගල කණ්ඩායමට එක් කොට ඇත.

මෙහිදී ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස රොමේෂ් කලුවිතාරණ මහතා කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය: කෞෂාල් සිල්වා(නායක) , දිමුත් කරුණාරත්න(උප නායක) , කුසල් ජනිත්, මලින්ද වර්ණපුර, ලහිරු තිරිමාන්න,සචිත්‍ර සේරසිංහ,රොෂේන් සිල්වා, භානුක රාජපක්ෂ,කෝසල කුලසේකර,සචිත්‍ර සේනානායක,සීකුගේ ප්‍රසන්න,ශමින්ද එරංග,නිලංක ප්‍රේමරත්න, තරංග ලක්ෂිත,සජීව වීරකෝන්

තරඟ කාල සටහන.

ජුලි 20-23 ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග ලෙස්ටර්ෂයර් හිදී
ජුලි 27-30 ඩර්හැම් කණ්ඩායම සමග ඩර්හැම් හිදී
අගෝස්තු 02-05 ලයන් "ඒ"සමග තරඟය හෙඩින්ලි හිදී

අගෝස්තු 08 ලැන්කෂයර් සමග තරඟය ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හිදී
අගෝස්තු 10 නොටිංහැම් සමග තරඟය ට්‍රෙන්ට්බ්‍රිජ් හිදී
අගෝස්තු 12 ලයන් "ඒ"සමග තරඟය වොකෙස්ටෙර් හිදී
අගෝස්තු 14 ලයන් "ඒ"සමග තරඟය වොකෙස්ටෙර් හිදී
අගෝස්තු 16 ලයන් "ඒ"සමග තරඟය නොදම්ප්ටන් හිදී

No comments:

Post a Comment