Sunday, May 8, 2011

SLPL තරගාවලියේ උරිනුර ගැටෙන නායකයින්.


මේ වන විට SLPL තරඟාවලියේ තරඟ වැදීමට නියමිත කණ්ඩායම් ප්‍රකාශයට පත් කර අවසානයි. තවද මේවායේ නායකයින්ද ප්‍රකාශයට පත් කෙරී අවසානයි. මේ අනුව ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ සුපිරි ක්‍රීඩකයන් තිදෙනුකුම මෙම කණ්ඩායම් වලට නායකත්වය දෙනු ඇත.
මේ අතර කාලයක් තිස්සෙ ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ ඇසට කඳුළු නංවන සුළු ඉනිම් කීපයක්ම ක්‍රීඩා කර, එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ බිහි වූ සුපිරිතම ආරම්භක පිතිකරුවා වන අපේ ආදරනීය සනත් ජයසූරිය ද ලොක ක්‍රිකට් ක්‍රීඩාවේ සිටි බුද්ධිමත්ම නායකයකු ලෙස අදටද කතාබහට ලක් වන කලක් ශ්‍රීලංකා කණ්ඩායමේ නායකයාව සිටි මහේල ජයවර්ධන ද, මහත් වරුන්ගේ ක්‍රීඩාවක් වන ක්‍රිකට් ක්‍රීඩාවේ, මුලු ලෝකයටම මහත්මා ක්‍රීඩාව කියාදුන් කුමර් සංගක්කාර ද වනවා.
තවද ලොකයේ බිහිවූ වේග පන්දු යවන්නන් අතර ප්‍රතම පන්දු ඕවරයෙන්ම තරගය තම කණ්ඩායම වෙත හරවා ගැනීමට උමන් හපන්කම් දැක්වූ වමතින් වේග පන්දු යවන චමින්ද වාස්ද මෙමතරගා වලියේ නායකයකු ලෙස අප හමුවට එනවා. සනත් ජයසූරිය කණ්ඩායමෙන් ඉවත් වීමත් සමඟ කණ්ඩායමේ ආරම්භක පිතිකරු පුරප්පාඩුව පිරවීමට සමත් වූ පසුගිය දිනවල ක්‍රිකට් පිටියේ පෙරලි කාර චරිතයක් වූ ශ්‍රි ලන්කා කණ්ඩායමේ අභිනව නායක තිලකරත්න දිල්ශාන් විසින්ද මෙම තරගා වලියේ කණ්ඩායමක් මෙහෙයවනු ඇති.
මීට අමතරව ජගත් ක්‍රීඩා පිටියෙන් ලංකාවට පැමිණෙන විදේශ ක්‍රිකට් තරු දෙකක්ද මෙම තරගයේ කණ්ඩායම් දෙකකට නායකත්වය දීමට නියමිතයි.ඒ නවසීලන්ත නායක ඩැනියෙල් විටෝරි හා පකිස්තානු නායක සහීඩ් අෆිඩී.

No comments:

Post a Comment