ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පලාත් විස්සයි-විස්ස ක්‍රිකට් තරඟාවලිය අද(ජුලි 21) ආරම්භ වූවා. පුරා දින 10ක් තිස්සේ පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා වයඹ, බස්නාහිර, කඳුරට, රුහුණ සහ පලාත් ඒකාබද්ධ ලෙස කණ්ඩායම් 5ක් තරඟ කරනු ලබනවා.මෙම තරඟාවලිය ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ලෙස විදෙස් ක්‍රීඩකයන්ද සහභාගී කරවාගෙන පවත්වන්නට සැලසුම් කොට තිබුණද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැක් වූ විරෝධතාවය නිසා සෙසු රටවල්ද ක්‍රීඩකයන් සහභාගී කරවීමට අකමැත්ත පල කොට සිටියා.
අදින් ඇරඹි අන්තර් පලාත් විස්සයි-විස්ස තරඟාවලියේ සියලුම තරඟ කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන අතර තරඟ පැවැත්වෙන එක් දිනක තරඟ 2 බැගින් පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් පස් දෙනෙකුට මෙම තරඟාවලියේදී විවේක ගැනීමට (අවශ්‍ය නම් පමණක්) අවසර දී තිබෙන අතර තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස් එම ක්‍රීඩකයෝ වෙති.
තරඟ කාල සටහන
ජූලි 21: වයඹ - බස්නාහිර පෙරවරු 10.30
රුහුණ - කඳුරට පස්වරු 2.30
ජූලි 23: කඳුරට - ඒකාබද්ධ පෙරවරු 10.30
වයඹ - රුහුණ පස්වරු 2.30
ජූලි 24: වයඹ - කඳුරට පෙරවරු 10.30
බස්නාහිර - ඒකාබද්ධ පස්වරු 2.30
ජූලි 26: බස්නාහිර - කඳුරට පෙරවරු 10.30
රුහුණ - ඒකාබද්ධ පස්වරු 2.30
ජූලි 27: බස්නාහිර - රුහුණ පෙරවරු 10.30
ඒකාබද්ධ - වයඹ පස්වරු 2.30
ජූලි 30: පළමු අවසන් පූර්ව තරගය පෙරවරු 10.30
දෙවැනි අවසන් පූර්ව තරගය පස්වරු 2.30
ජූලි 31: අවසාන මහා තරගය පස්වරු 2.30







