Sunday, July 17, 2011

ශ්‍රී ලංකා පිලේ නව පුහුණුකරු රුමේෂ් රත්නායක


එළඹෙන ඕස්ට්‍රේලියානු තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා පිලේ නව පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කර ඇත.

1993 වර්ෂයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් රුමේෂ් රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 23 කට සහ එක් දින තරඟ 70 වකට ක්‍රීඩා කර ඇති දකුණත් වේග පන්දු යවන්නෙකි. රුමේෂ් රත්නායක මහතා කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් පුහුණුකරු ලෙසද කටයුතු කර ඇත.

ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතාට අමතරව එළඹෙන ඕස්ට්‍රේලියානු තරඟාවලිය සඳහා මාවන් අතපත්තු පිතිකරු පුහුණුකරු ලෙසද, චම්පික රාමනායක වේගපන්දු යවන්නන් පුහුණුකරු ලෙසද,රුවන් කල්පගේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද කටයුතු කරයි.

කෙසේ වෙතත් මෙම පත්වීම සිදු කර තිබෙන්නේ එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරය කෙන්ද්‍ර කොටගෙන වන අතර ඔහුගේ පත්වීම ස්ථිරද නැද්ද යන්න මෙතෙක් ප්‍රකාශ කොට නොමැත.

No comments:

Post a Comment