Monday, July 18, 2011

එළඹෙන ඕස්ට්‍රේලියානු තරඟාවලිය සඳහා DRS ක්‍රමය යොදා ගැනේ.




එළඹෙන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරඟාවලිය සඳහා විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ ක්‍රමය(Decision Review System) යොදා ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ පා ඇති මූල්‍ය අර්බුදය හේතුවෙන් DRS ක්‍රමය ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා යොදා නොගන්නා බවට පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා පල විය.කෙසේ වෙතත් DRS ක්‍රමය යොදා ගැනීම සම්බන්ධයෙන් තමන් ප්‍රමුඛස්ථානය ලා සලකන බව උපාලි ධර්මදාස මහතා ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය වෙත ප්‍රකශ කොට ඇත.

DRS ක්‍රමය සඳහා දිනකට ඩොලර් 5000ක පමණ මුදලක්(ශ්‍රී ලංකානු මුදලින් රු 575,000 ක් පමණ) වැය වේ. පසුගියදා හොංකොං නුවර පැවැති ICC වාර්ෂික සම්මේලනයේදී ඉදිරි සියලුම එක්දින සහ ටෙස්ට් තරඟ සඳහා DRS ක්‍රමය අනිවාර්යෙන්ම යොදා ගත යුතු බවට තීරණය කර තිබිණි.

එළඹෙන අගෝස්තු 6 වනදා ආරම්භ වන ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියානු තරඟාවලිය සඳහා එක්දින තරඟ 5ක්, ටෙස්ට් තරඟ 3ක් සහ විස්සයි- විස්ස තරඟ2ක් ඇතුලත් වේ.

No comments:

Post a Comment