Thursday, July 21, 2011

ඕස්ට්‍රේලියානු තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

අගෝස්තු මස 6 වන දින ආරම්භ වීමට නියමිත ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කොට ඇති අතර මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තිලකරත්න ඩිල්ෂාන් විසින් මෙහෙයවනු ලබනවා.

පසුගිය එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා වූ තිලිණ කන්ඩම්බි මෙම සංචිතයට ඇතුලත් නොවීම විශේෂ සිදුවීමක් වන අතර පසු ගිය ලෝක කුසලාන තරඟාවලියේදී අසාර්ථක වූ චාමර සිල්වා සහ චාමර කපුගෙදර ද විසි දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්. කලකට පසු ඉසුරු උදානට සහ මාලිංග බණ්ඩාරට කණ්ඩායමේ දොරගුළු විවර වී තිබෙන අතර දක්ෂ පිට දඟ පන්දු යවන්නෙකු වන නවක ක්‍රීඩක සචිත්‍ර සේනානායක ද කණ්ඩායමට එක් කොට තිබෙනවා.

ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් පලමු විස්සයි-විස්ස තරඟය ලබන අගෝස්තු 6 වනදා පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය: තිලකරත්න ඩිල්ෂාන්(නායක), කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, චාමර කපුගෙදර, චාමර සිල්වා, ජීවන් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, තිසර පෙරේරා, ලසිත් මාලිංග, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්, නුවන් කුලසේකර, ඉසුරු උදාන, සුරාජ් රන්දිව්, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්, මාලිංග බණ්ඩාර, සචිත්‍ර සේනානායක

No comments:

Post a Comment