මහ නුවර නගරයට කි.මි 8ක් පමණ දුරින් පිහිටා ඇති දර්ශණීය කඳු පංතියකින් වට වූ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ලොව ඇති අලංකාරම ක්‍රීඩාංගන අතුරින් එකකි..2009 වසරේ නොවැම්බර් මස 27 වනදා මුලින්ම දේශීය තරඟ සඳහා විවර කෙරුනු මෙම ක්‍රීඩාංගනයේ මුල්ම ජාත්‍යන්තර ටෙස්ට් තරඟය 2010 වසරේ දෙසැම්බර් මස 1 වෙනිදා පැවැත් වූ අතර ඒ ශ්‍රී ලංකා කන්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම අතරය.එම තරඟය වර්ෂාවට සේදී ගිය අතර 2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පාකිස්ථානය හා නවසීලන්තය අතර පැවති තරඟය මෙම ක්‍රීඩාංගනයේ පැවත් වූ මුල්ම ජාත්‍යන්තර එක් දින තරඟය වේ.
Showing posts with label GROUNDS. Show all posts
Showing posts with label GROUNDS. Show all posts
Monday, May 9, 2011
Sunday, May 8, 2011
සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය.
හම්භන්තොට වාණිජ නගරයට කි.මී.8 ක් දුරින් පිහිටා ඇති සූරියවැව ජාත්ත්‍යන්තර ක්‍රීඩා පිටිය 2011 ලෝක කුසලාන තරඟාවලිය සඳහා නිර්මාණය කරන ලද්දේය. මෙම ක්‍රීඩා පිටියේ ඉදිකිරීම් කටයුතු අදියර දෙකකින් නිම කිරීමට බලාපොරොත්තු වන අතර මුල් අදියර ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහය ඇතිව නිම කෙරුනු අතර දෙවන අදියර ශ්‍රී ලංකාව තුල මේ දිනවල සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති කිහිපයකම ඉදිකිරීම් කටයුතු කරන චයිනා හාබර් ආයතනය විසින් සිදු කරනු ලබයි.
Source: http://cricketique.wordpress.com/2011/01/14/sooriyawewa-cricket-ground-today10-january-2011/
මෙම ක්‍රීඩා පිටියේ පැවැත්වුනු මුල්ම තරගය වනුයේ 2011 ලොක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක් වන ශ්‍රී ලංකාව හා කැනඩාව අතර 2011 පෙබරවාරි 20 වන දින පැවති තරගයයි. මෙම තරගයේදී ශ්‍රීලංකා කණ්ඩායම ලකුණු 210 ක ඓතිහාසික ජයග්‍රහනයක් ලබා ගත්තේය.
මේම ක්‍රීඩා පිටිය සමමිතකව ඉදිකර ඇති අතර මෙහි සැලසුමෙහි රූපසටහන් කිහිපයක් පහත දක්වා ඇත. තවද මෙම පිටියේ තණතිල්ලද උසස් තාක්ෂනික ක්‍රම උපායන් බාවිතා කර නිමවා ඇත.
ක්‍රීඩා පිටිය වටා ඇති ක්‍රීඩාගාර ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදිය හැකි අතර මින් කොටස් තුනක්ම මේ වන විට නිමවා අවසානය. රූපසටහනේ,
- Grand Stands
- Media Centre
- Covered Stands
- Earth Bern
යනුවෙන් සදහන් කර අත්තේ එම කොටස් හතරයි
.
Subscribe to:
Posts (Atom)










